StudentSwedenTrending

Explore Sweden: Your Gateway to Studying World-Class Education

Key Considerations for Studying in Sweden: What International Students Should Know

ස්විඩනයේ අධ්‍යයන කටයුතු සලසුම් කරන විට අධ්‍යයන කටයුතු පමණක් නොව, වෙනත් කාරණා ගැනත් සිතා බැලීමට අමතක කරන්න එපා. career opportunities සහ හොද ජීවිතයක් ගත කිරීම කියන කාරනත් සලකලා බලන්න. ඔබට අධ්‍යයන කරන්න කැමති පාඨමාලා සපයන ස්විඩනයේ විශ්වවිද්‍යාල සහ වැඩසටහන් පිළිබඳ සොයා බලන්න. Study in Sweden (studyinsweden.se) හා විශ්වවිද්‍යාල වෙබ් අඩවි ඉතා හොද ප්‍රවේශයක්. ඔබ කැමති වැඩසටහන් සඳහා අවශ්‍ය ඇතුළු වන ලකුණු, භාෂා ප්‍රාවීණතා, අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂ ඇගයීම් සපුරා ඇති බව වගබලා ගන්න.

සටහන: විශ්වවිද්‍යාල තෝරා ගැනීමේදී කොටස් කාලීන රැකියා අවස්ථා ලබා ගැනීමට ඇති හැකියාව සලකා බැලීම වැදගත් වේ. Part time රැකියා බහුලව ඇති ප්‍රධාන නගර වනුයේ Stockholm, Gothenburg, හා Malmo ය.

As you begin planning for your studies in Sweden, don’t forget to consider beyond your academic interests. Take into consideration the career opportunities and the everyday realities to ensure a better life in Sweden. Look for universities and programs in Sweden that offer the courses you’re interested in studying. Websites like Study in Sweden (studyinsweden.se) and university websites are good places to start. Ensure you meet the entry requirements for the programs you’re interested in, including language proficiency, academic qualifications, and any specific prerequisites.

Note: When selecting universities, it is important to consider the availability of part-time jobs. Stockholm, Gothenburg, and Malmo are the main cities where the highest number of part-time jobs are available.

Application Process

ස්විඩනයේ අධ්‍යයන සඳහා අයදුම්පත් කටයුතු කරමින් සිටිද්දී, ඔබට අනුගමනය කළ යුතු වැදගත් පියවර කිහිපයක් ඇත. පළමුව, ඔබේ තෝරාගත් විශ්වවිද්‍යාල වෙත, ඔවුන්ගේ website එකෙන් හෝ University Admissions in Sweden (universityadmissions.se) නම් මධ්‍යස්ථ අයදුම්පත් පද්ධතිය හරහා, සෘජුවම ඔබේ අයදුම්පත් ඉදිරිපත් කරන්න. Application යොමු කිරීම සදහා බොහො විට universityadmissions.se වෙබ් අඩවිය භාවිතා කල යුතු වේ. එළැඹෙන පියවර වන්නේ අවශ්‍ය සියලුම ලේඛන රැස් කිරීම හා සකස් කිරීමයි, එමගින් අධ්‍යයන ලේඛන, සහතික, නිර්දේශ ලිපි, අරමුණු ප්‍රකාශයක්, සහ CV/ජීව දත්ත ඇතුළත් වේ. අයදුම්පත් ඉදිරිපත් කරන අවසන් දිනයන් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍ය වේ. අයදුම්පත් කටයුතුවල සාර්ථක අවසානය සඳහා, අයදුම් ගාස්තු ද ගෙවීමේ අවශ්‍යතාවය පරික්ෂා කර එය නිසි පරිදි ගෙවන්න. අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ගැටළු ඇති වුවහොත්, කරුණාකර අප හා සම්බන්ධ වන්න(Contact us).

During the application process for studying in Sweden, you’ll need to follow several important steps. Firstly, submit your applications directly to the universities of your choice, either through their online portals or via the centralized application system, University Admissions in Sweden (universityadmissions.se), which covers most bachelor’s and master’s programs. It’s mostly universityadmissions.se should be used to send an application. Next, ensure you gather and prepare all the required documents, including academic transcripts, certificates, letters of recommendation, a statement of purpose, and a CV/resume. It’s crucial to be mindful of the application deadlines. Additionally it requires application fees, so be sure to pay them as necessary to complete the application process successfully. Please contact us if you have some issues when submitting the application.

Scholarships

ස්විඩනය විදේශීය ශිෂ්‍යයින්ට රට තුළ උසස් අධ්‍යයනය කිරීමට විවිධ ශිෂ්‍යත්ව වරප්‍රසාද ලබා දේ. නමුත්, මෙම ශිෂ්‍යත්ව වරප්‍රසාද ශ්‍රී ලංකාව සඳහා ලබන වසරේදී අත්හිටුවා ඇති බව දැනගන්නට ඇත. එබැවින්, ඔබ අයදුම් කරන වෙලාවේ නිවැරදි තොරතුරු සහ නවතම ප්‍රකාශයන් පිළිපදින්න.

මෙම ශිෂ්‍යත්ව අතරින් Swedish Institute Scholarships for Global Professionals (SISGP) ප්‍රධාන ස්ථානයක් ගනී, එහිදී මාස්ටර් මට්ටමේ අධ්‍යයන සඳහා පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ආවරණය වේ. තවත් අවස්ථාවක් ලෙස, Swedish Institute Study Scholarships ලබා දෙන අතර, ස්විඩනයේ සම්පූර්ණ කාලීන මාස්ටර් මට්ටමේ අධ්‍යයන කරන අතිශයින් සුදුසුකම් ලත් ශිෂ්‍යයින්ට මූල්‍ය සහාය සැපයේ. මෙය පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, රක්ෂණ සහ ගමන් වියදම් ආවරණය කරයි. අමතරව, ස්විඩනය Erasmus Mundus Joint Master Degrees (EMJMD) වැඩසටහන සමග සම්බන්ධ වී ඇත. මෙහිදී Joint master’s programs සඳහා ලියාපදිංචි විදේශීය ශිෂ්‍යයින්ට පාඨමාලා ගාස්තු, ජීවන වියදම්, ගමන් වියදම් සහ රක්ෂණය ආවරණය වන ශිෂ්‍යත්ව ලබා දේ.

Sweden offers various scholarships for international students to pursue higher education in the country. Unfortunately it’s been called off for Sri Lanka for the coming year. Please stick to the latest news when the time you applied. Among these are the Swedish Institute Scholarships for Global Professionals (SISGP), which cover tuition fees, living expenses, insurance, and travel grants for master’s level studies. Another opportunity is the Swedish Institute Study Scholarships, which provide financial support for highly qualified students undertaking full-time master’s level studies in Sweden, encompassing tuition fees, living expenses, insurance, and travel grants. Additionally, Sweden participates in the Erasmus Mundus Joint Master Degrees (EMJMD) program, offering scholarships that include coverage for tuition fees, living expenses, travel costs, and insurance for international students enrolled in joint master’s programs.

Residence Permit

ස්විඩනයේ විශ්වවිද්‍යාලයකට තේරීමෙන් පසු ස්විඩනයේ ජීවත්වීම සඳහා අවසර ලබා ගැනීමට, ඔබට සවිස්තර සහිත ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කළ යුතුය. Swedish Migration Agency වෙබ් අඩවිය තුළින් online අයදුම්පත් කටයුතු ආරම්භ කරන්න. අවශ්‍ය ලේඛන රැස් කරන්න. ඔබේ විශ්වවිද්‍යාල පිළිගැනීමේ ලිපිය, Show money, Passports, health insurance. ස්විඩන තානාපති කාර්යාලයක සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන්න. බොහෝ විට මේ සදහා ඔබට ඉන්දියාවට(New Delhi) යාමට සිදු වේ. මෙහිදී ඔබේ ඇගිලි සළකුණු සහ ඡායාරූප ලබා දිය යුතුය. ස්විඩන් Migration Agency එක ඔබේ අයදුම්පත් සලකා බැලීමට කාලයක් ගත විය හැක. ඔවුන්ගේ තීරණය අනුව ඔබට Residence Permit ලබා දෙනු ඇත. මෙය ඔබට අධ්‍යයන කාලය තුළ ස්විඩනයේ ජීවත්වීමට අවසර ලබා දේ.

To apply for permission to live in Sweden after getting accepted to a Swedish university, you need to follow some steps carefully. First, start the application online on the Swedish Migration Agency’s website. Then, gather important documents like your university acceptance letter, proof that you have enough money to support yourself, your passport, and health insurance. You might have to go to a Swedish embassy(New Delhi, India) or consulate for an interview and to give your fingerprints and a photo. After that, submit your application online or at the embassy, and pay any required fees. Wait for the Swedish Migration Agency to process your application, which might take some time. Once they make a decision, you’ll get a residence permit if they approve. This permit lets you live in Sweden while you study. Make sure to follow all the rules carefully to avoid any problems.

Accommodation and Living Arrangements

ස්වීඩනයට යාමට පෙර apartment එකක් සොයා ගැනීම ඉතා වැදගත්. විශ්වවිද්‍යාල බහුතරයක් විදේශීය ශිෂ්‍යයින් සඳහා නවාතැන් පහසුකම් ලබා දේ. එසේ නොමැති විට, පුද්ගලිකව කුලියට ගැනීම හෝ ශිෂ්‍ය නවාතැන් ආයතන හරහා නිවාස සොයා බලන්න. ඔබේ ආර්ථික අයවැය සලකා බලන්න. පාඨමාලා ගාස්තු, කුලිය, ආහාර, ගමනාගමනය, සහ දිනපතා වියදම් සඳහා කුමන ප්‍රමාණයේ මුදල් අවශ්‍යද යන්න ගණනය කරන්න. අධ්‍යයනයේදී ඔබේ සියලු වියදම් ආවරණය කිරීමට ප්‍රමාණවත් මුදල් තිබීම වැදගත්ය.

When you’re planning to study abroad, it’s important to start searching for a place to live early. Universities usually offer housing for international students, but you can also look into renting privately or using student housing agencies. Make sure you think about your budget carefully. Figure out how much money you’ll need for things like tuition fees, rent, food, transportation, and other everyday expenses. It’s important to have enough money to cover all your costs while you’re studying.

Arrival in Sweden

ස්විඩනයට ගමන් කිරීමට පෙර, ඔබේ ගමන සැලසුම් කිරීම ඉතා වැදගත්. ඔබේ වැඩසටහන ආරම්භ වීමට පෙර ස්විඩනයට එන්න පුලුවන් නම් ගොඩක් හොදයි, ඔබට විශ්වවිද්‍යාලයේ පැවත්වෙන orientation sessions වලට සහභාගිවීමට කාලය ඇති වේ. ස්විඩනයට පැමිණි පසු, Swedish Tax Agency ලෙස හැඳින්වෙන Skatteverket වෙත ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ. ඔබට ස්විඩනයේ වසරකට වඩා වැඩි කාලයක් ජීවත්වීමට සැලසුම් කරයි නම්, පෞද්ගලික හැඳුනුම් අංකයක් (Personnummer) ලබා ගත යුතුය.

මෙය, residents ල සම්බන්ධ තොරතුරු නඩත්තු කිරීම සඳහා හා විවිධ පරිපාලන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වේ.

Before you head to Sweden, make sure you plan your travel arrangements well. It’s best to arrive before your program starts so you have time to settle in and attend any orientation sessions the university might have. Once you’re there, it’s important to register with the Swedish Tax Agency, known as Skatteverket. If you’re planning to stay in Sweden for more than a year, you’ll need to get a personal identity number, also called a personnummer. This helps the authorities keep track of residents and is important for various administrative purposes.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Enter Your Mobile Number

Daily Rs.6 + tax will be charged for this service.
By entering your mobile number and apply, you agree to our Terms and Conditions.